• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පූජා භූමි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පූජා භූමි සංවර්ධන සමාලෝචන කමිටු පිහිටුවීම
- දිවයින පුරා පිහිටා ඇති පූජා භූමිවලට පැමිණෙන බැතිමතුන් සහ සංචාරකයින් සඳහා ඇති පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. එහිදී විධිමත් පාලන යන්ත්‍රණයක් හා මඟ පෙන්වීමක් සහිතව විධිමත් පරිදි පූජා භූමි සංවර්ධනය කිරීම වැදගත් වේ. ඒ අනුව, මනා සැලැස්මකට අනුකූලව පූජා භූමි සංවර්ධනය කිරීමේ අරමුණින්, ඒ වෙනුවෙන් බලතල සහිත 'පූජා භූමි සංවර්ධන සමාලෝචන කමිටු', අනුරාධපුර, කතරගම, සේරුවාවිල, මාතලේ අලුවිහාරය, මහියංගණය, කැලණිය, කෝට්ටේ, දෙවිනුවර, මුතියංගනය හා තිස්සමහාරාමය යන එක් එක් පූජා භූමි සඳහා පිහිටුවීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.