• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තර්කාලීන විධිවිධාන සැලසීම සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා මඟ හැරවීම පිණිස 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම
- 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත 2018 අප්‍රේල් මාසයේ සිට බලාත්මක වේ. එහිදී පෙර පැවැති දේශීය ආදායම් පනත මඟින් ලබා දී තිබූ කල් ඉකුත් නොවූ අලාභ ප්‍රතිපූරණය කිරීම, ප්‍රාග්ධන දීමනා, බදු විරාම වැනි ප්‍රතිපාදන බදු ගෙවන්නන් හට ලබා දීමට අවශ්‍ය අන්තර්කාලීන විධිවිධාන රෙගුලාසි වශයෙන් නිකුත් කළ යුතු වේ. එමෙන්ම නව පනත ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික දුෂ්කරතා මඟහැරවීම පිණිස එහි ඇතැම් විධිවිධාන සංශෝධනය කළ යුතුව ඇත. ඒ අනුව, එම කාර්යයන් සඳහා 2017 අංක 24 දරන දේශීය අදායම් බදු පනත සංශෝධනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.