• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාධ්‍යවේදීන් සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් පැවැත්වීම
- මාධ්‍යවේදීන්ගේ බහුවිධ දක්ෂතා හා සුවිශේෂ නිපුණතාවන් හඳුනාගෙන ඒවා ඇගයීමට ලක් කිරීමටත්, වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා නිසි මඟපෙන්වීම් ලබා දෙමින් ඔවුන් අභිප්‍රේරණය කිරීමටත්, යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වීමටත්, සංවර්ධනාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා මාධ්‍යවේදීන් පෙලඹවීමටත් කටයුතු කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් විසින් ඉටු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ දායකත්වය ඇගයීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් 2018 වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.