• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ණය පහසුකම් සලසා ගැනීම
- තල්පිටිගල ජලාශය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 174ක් වන අතර, ඉන් 85%ක ප්‍රමාණයක් ආවරණය කිරීම සඳහා චීනයේ අපනයන - ආනයන බැංකුව වෙතින් ණය මුදලක් ලබාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ව්‍යාපෘති පිරිවැයේ ඉතිරි 15%ක ප්‍රමාණය ආවරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 26.1ක ණය මුදලක් මහජන බැංකුව වෙතින් ලබාගැනීමටත්, ඒ සඳහා ණය ගිවිසුමකට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.