• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අතිරේක අරමුදල් සලසා ගැනීම
- කළුගඟ ජලාශයේ ඉදි කිරීම් කටයුතු 2014 වර්ෂයේදී ආරම්භ කරනු ලැබ ඇති අතර, 2018 දෙසැම්බර් මාසය වන විට මෙම ඉදි කිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ජලාශයේ වේල්ලේ පාදමෙහි පෙර හඳුනා නොගත් භූගෝලීය තත්ත්වයන් සහ ඒ අනුව සිදු කරන ලද ප්‍රතිශෝධනයන් හේතුවෙන් කොන්ත්‍රාත් පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 50.5කින් ඉහළ ගොස් තිබේ. එම හිඟ අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 16ක පමණ කොටසක් ආවරණය කිරීම සඳහා අතිරේක ණය මුදලක් ලබා දීමට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල විසින් එකඟ වී ඇත. ඒ අනුව, එම ණය මුදල ලබාගැනීම සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.