• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගණකාධිකරණ තාක්ෂණවේදීන්ගේ සංගමය (AAT)
- ශ්‍රී ලංකා ගණකාධිකරණ තාක්ෂණවේදීන්ගේ සංගමය, 1987 දී පිහිටුවා ඇති අතර, එය සමාගම් පනත යටතේ ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති අතර, එම සංගමය මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ගණකාධිකරණ හා පුහුණු ආයතනයක් බවට පත් වී තිබේ. එම ආයතනයේ කටයුතු තවදුරටත් වර්ධනය කෙරෙමින් කුඩා හා මධ්‍යම ව්‍යවසාය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය නිපුණ ගණකාධිකරණ තාක්ෂණවේදීන් බිහි කිරීම උදෙසා පාර්ලිමේන්තු පනතක් මඟින් සංස්ථාපනය කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.