• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර දිස්ත්‍රික්කයේ සිදු වූ ගැටලුකාරී සිදුවීම් හේතුවෙන් හානි වූ ව්‍යාපාරික දේපළ සඳහා සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබා දීම
- 2018 මාර්තු මස මුල් සතියේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය මූලික කරගනිමින් ඇති වූ ගැටලුකාරී සිදුවීම් හේතුවෙන් හානියට පත්ව ඇති ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා සහන සැලසීමට යෝජනා වී තිබේ. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි හානියට පත් එවැනි ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා, අදාළ කොන්දේසි හා නියමයන්ට යටත්ව, 2%ක සහනදායී පොලී අනුපාතයක් යටතේ 'අත්වැල ණය යෝජනා ක්‍රමය' මඟින් ණය ලබා දීම පිණිස රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.