• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය සහ ඉස්ලාමාබාද් උපායමාර්ගික අධ්‍යයන ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- ජාතික ආරක්ෂක අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය සහ පාකිස්තානයේ, ඉස්ලාමාබාද් උපායමාර්ගික අධ්‍යාපන ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.