• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ පාකිස්තානයේ, රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ජාතික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
- මෙරට රාජ්‍ය අංශයේ නිලධාරින්ගේ හැකියා වර්ධනය කිරීමේ වගකීම උසුළනු ලබන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) සහ පාකිස්තානයේ, රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ජාතික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී තිබේ. ඒකාබද්ධ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විද්වතුන්, ශිෂ්‍යයින් හා ශාස්ත්‍රීය කටයුතු හුවමාරුව, කළමනාකරණ උපදේශක කටයුතු සහ ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීම ආදි ක්ෂේත්‍ර මෙමඟින් ආවරණය වේ. රාජ්‍ය අංශයේ ධාරිතා වර්ධනය තුළින් රාජ්‍ය සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.