• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ පාකිස්තානයේ රසායනික සහ ජෛව විද්‍යා ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICCBS) අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- රසායනික හා ජෛව විද්‍යා ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සහයෝගිතාව ඇති කරගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ පාකිස්තානයේ රසායනික සහ ජෛව විද්‍යා ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICCBS) අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ. අතිගරු ජනාධිපතිතුමා විසින් පාකිස්තානයේ සිදු කිරීමට නියමිත නිල සංචාරය අතරතුරදී යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.