• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ පාකිස්තානයේ විදේශ සේවා ඇකඩමිය (FSA) අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම
- ශ්‍රී ලංකාවේ හා පාකිස්තානයේ රාජ්‍යතාන්ත්‍රික සේවාවන් අතර පුහුණුව හා වෘත්තීය සංවර්ධනය සම්බන්ධයෙන් සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) හා පාකිස්තානයේ විදේශ සේවා ඇකඩමිය (FSA) අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබේ. දෙරටේ විදේශ සේවයේ නිලධාරින් අතර සබඳතා වර්ධනය කිරීමට මෙන්ම විදේශ ප්‍රතිපත්ති, ජාත්‍යන්තර සබඳතා, ජාත්‍යන්තර නීතිය, රාජ්‍යතාන්ත්‍රික කටයුතු ආදි ක්ෂේත්‍රයන්හි දැනුම හුවමාරු කරගැනීමටද මෙමඟින් අවස්ථාව සැලසේ. අතිගරු ජනාධිපතිතුමා විසින් පාකිස්තානයේ සිදු කිරීමට නියමිත නිල සංචාරය අතරතුරදී යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.