• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වෙත කසළ එකතු කිරීමේ යන්ත්‍ර සැපයීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම
- අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා යෝග්‍ය තාක්ෂණය සහිත මනා කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයන් පළාත් පාලන ආයතන සතුව නොතිබීම හේතුවෙන් නාගරික ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව තිබේ. එබැවින්, පළාත් පාලන ආයතන 84ක කසළ එකතු කිරීමේ හා ප්‍රවාහනය කිරීමේ ධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින්, එම පළාත් පාලන ආයතන වෙත කසළ ප්‍රවාහන රථ 190ක් ලබා දීමට සැලසුම් කර තිබේ.

මේ සඳහා වැය වන පිරිවැය ආවරණය කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 14ක් නොඉක්මවන ණය මුදලක්, කොරියානු අපනයන - ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලෙන් ලබාගැනීම සඳහා අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.