• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නෝර්වේ රාජධානියේ අග්නිදිග සරසවිය අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
- උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමීප සහයෝගිතාවයක් වර්ධනය කරගැනීමේ අරමුණින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නෝර්වේ රාජධානියේ අග්නිදිග සරසවිය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනා වී තිබේ. ඒකාබද්ධ පර්යේෂණ හා අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම, අධ්‍යයන කාර්ය මණ්ඩල හා ශිෂ්‍යයින් හුවමාරු කරගැනීම, පාඨමාලා සංවර්ධනය ආදි ක්‍රියාකාරකම් යෝජිත අව‍බෝධතා ගිවිසුම මඟින් ආවරණය වේ. එම විශ්වවිද්‍යාල දෙක අතර අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමාගේ එකඟතාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.