• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තාක්ෂණික වෘත්තිය අධ්‍යාපන හා පුහුණු අංශය සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් හඳුන්වා දීම
- නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ වෘත්තීය පුහුණුව හා කාර්මික අධ්‍යාපනය ලබා දෙනු ලබන ආයතන 07ක් ක්‍රියාත්මක වන අතර, එම ආයතනයන්හි විෂය මාලාවල ප්‍රමිතිය තහවුරු කිරීමේ කාර්යය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබේ. මෙම ආයතන සියල්ල හා පෞද්ගලික අංශයේ පුහුණු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරගැනීමට සහ කාලීන අවශ්‍යතා අනුව පුහුණු වැඩසටහන් පෙළගැස්වීම අරමුණු කරගනිමින් එම ආයතන සඳහා නවීන තොරතුරු කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීමට යෝජනා වී තිබේ. එම කාර්යය 2018 වර්ෂය තුළ ආරම්භ කර කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.