• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අක්ෂි ශල්‍යකර්ම සඳහා යොදාගන්නා අක්ෂි කාච ප්‍රසම්පාදනය
- ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලදී ඇසට බද්ධ කිරීම සඳහා භාවිත කරනු ලබන හයිඩ්‍රොෆෝබික් අන්තඃඅක්ෂි කාච 18,600ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 322.84ක මුදලකට, M/s. Vision 2000 (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.