• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුලතිව් ජල සම්පාදන යෝජනා ක්‍රමය
- මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 09ක් ආවරණය වන පරිදි, මුලතිව් නගරය හා තදාසන්න ප්‍රදේශවල වෙසෙන 7,430ක පමණ ජනගහනයකට (පවුල් 1,500කට පමණ) සුරක්ෂිත පානීය ජලය සැපයීම අරමුණු කරගනිමින් මුලතිව් ජල සම්පාදන යෝජනා ක්‍රමය සැලසුම් කරනු ලැබ තිබේ. එම ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 894.74ක මුදලකට, M/s. Ceylex Engineering (Pvt) Ltd. සහ ඉන්දියාවේ Pratibha Industries Ltd. අතර ඇති කරගනු ලැබ ඇති හවුල් ව්‍යාපාරය (JV) වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.