• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විකල්ප අරමුදල් මූල්‍යයන මූලාශ්‍ර 2018
- 2018 අයවැය මඟින් යෝජනා කරන ලද පරිදි, 2018 වර්ෂය සඳහා රජයේ උපරිම ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1,895කි. විදේශ ණය ආපසු ගෙවීම සහ ණය සේවාකරණය සඳහා වසරේ මුල් කාර්තුව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 732ක් පමණ අවශ්‍ය වන බව ඇස්තමේන්තුගත කර තිබේ. දැනට පවතින ගෝලීය තත්ත්වයන් අනුව ඉදිරියේදී අඩු පිරිවැයක් සහිත අරමුදල් සම්පාදනය කිරීමේදී ඇති විය හැකි අපහසුතා හේතුවෙන් දැනට පවතින ස්ථාවර පොලී අනුපාත යටතේ කඩිනමින් අරමුදල් සලසා ගැනීම මඟින් 2018 වසරේ කල් පිරීමට නියමිත, සාපේක්ෂව ඉහළ පිරිවැයක් සහිත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ගෙවා නිදහස් කිරීම වාසිදායක බව නිරීක්ෂණය වී තිබේ. ඒ සඳහා ලංකා බැංකුව හා මහජන බැංකුවේ විදේශ විනිමය බැංකු ඒකක හෝ අක්වෙරළ බැංකු ඒකක තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 300ක උපරිමයක් දක්වා අරමුදල් සම්පාදනය කිරීම පිණිස වැඩබලන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.