• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය ඇගයුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාව විසින් ජාතික සංක්‍රමණ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් 2013 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද අතර, ඒ අනුව, සංක්‍රමණ හේතුවෙන් රට තුළට පැමිණිය හැකි රෝග හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍යයට එල්ල වන තර්ජනයන් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වේ. දිගුකාලීන හෝ නේවාසික වීසා අයදුම්පත් ආසන්න වශයෙන් 40,000ක් පමණ ශ්‍රී ලංකාව වෙත වාර්ෂිකව ඉදිරිපත් වන අතර, ඉන් 60%ක් පමණ ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය තත්ත්වයට සාපේක්ෂව වැඩි අවදානමක් සහිත රටවල්වලින් පැමිණෙන සංක්‍රමණික ශ්‍රමිකයින් විසින් ඉදිරිපත් කරනු ලබන බව හඳුනාගෙන තිබේ. එසේ පැමිණෙන සංක්‍රමණිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් මෙතෙක් ස්ථාපිත කර නොමැති අතර, ඔවුන් මෙරට ජීවත් වන කාලසීමාව තුළ සෞඛ්‍ය වියදම් පියවා ගැනීම සඳහා සෞඛ්‍ය රක්ෂණයක් ලබාගැනීමට ඔවුන් දිරි ගැන්වීමේ ක්‍රමවේදයක්ද නොපවතියි.

එබැවින්, මේ සම්බන්ධයෙන් යම් කඩිනම් පියවරක් ගැනීම අවශ්‍ය වී තිබේ. ඒ අනුව, නේවාසික වීසා අයදුම්කරුවන්ගේ සෞඛ්‍ය ඇගයීමේ වැඩසටහනක් මෙරට ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.