• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද සොයිසා මාතෘ රෝහලෙහි නවජ ළදරු සහ ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
- ද සොයිසා කාන්තා රෝහලේ නවජ ළදරු සත්කාර සහ විශේෂඥ ළදරු සත්කාරක සේවාවන්ගේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නවජ ළදරු හා ප්‍රසව විමර්ශන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා අරමුදල් සලසා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මෙම කාර්යය සඳහා ප්‍රංශ රජය වෙතින් අරමුදල් සලසා ගැනීමට සාකච්ඡා සම්මුති පවත්වනු ලැබ ඇති අතර, ඒ සඳහා ඇති බාධාවන් හා ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් විකල්ප ණය මූලාශ්‍ර වෙත යොමු වීමට තීරණය කරනු ලැබ තිබේ.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වෙතින් යුරෝ මිලියන 17.99ක ණය මුදලක් සහ සම්පත් බැංකුව වෙතින් යුරෝ මිලියන 8.45ක ණය මුදලක් ලබාගැනීමටත්, ඊට ණය අදාළ ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.