• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
South Asian Institute of Technology and Medicine (SAITM) ආයතනයේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන ගැටලු නිරාකරණය කිරීම
- South Asian Institute of Technology and Medicine (SAITM) ආයතනයට වෛද්‍ය සිසුන් ඇතුළත් කරගැනීම සහ වෛද්‍ය උපාධි ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් උද්ගත වූ ගැටලුව නිරාකරණය කිරීමේ අරමුණින්, එම ආයතනයේ වෛද්‍ය අධ්‍යාපනයේ නිරත සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් යෙදීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

ගැටලුව අධ්‍යයනය කිරීමෙන් හා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම කමිටුව විසින් ලබා දී ඇති වාර්තාවේ සඳහන් පහත දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* SAITM ආයතනයේ දැනට ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් පමණක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සහ එහි අධ්‍යයන කටයුතු සාර්ථකව නිම කරනු ලබන සිසුන් සඳහා වෛද්‍ය විද්‍යා උපාධිය පිරිනැමීම;

* එම සිසුන්ගේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පුනරාවර්තන වියදම රජය මඟින් ලබා දීම;