• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වන්දි ගෙවීමේ කාර්යාලය
- මානව හිමිකම් හෝ මානුෂවාදී නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමට ලක් වූ පහත දැක්වෙන අවස්ථාවන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් වරින් වර අනුමත කරනු ලබන ප්‍රතිපත්ති තීරණ අනුව, හානි පූර්ණ වන්දි ලබා දීම සඳහා ස්වාධීන ආයතනයක් පැවතීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

i පසුගිය කාලයේදී උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු වූ ගැටුම් හෝ එහි ප්‍රතිඵලයක් ලෙස ඉන් අනතුරුව සිදු වී ඇති සිදුවීම්

ii දේශපාලන ගැටුම් හෝ මහජන කැළැඹීම්

iii ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ගේ, කණ්ඩායම්වල හෝ ජන කොටස්වල අයිතීන් සැලසුම් සහගතව උල්ලංඝනය කිරීම්

iv 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවී‍ෙමන් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි' අර්ථ දක්වා ඇති ආකාරයේ අතුරුදහන් කිරීම්

ඒ අනුව, එවැනි සිදුවීම්වලින් බලපෑම්වලට ලක් වූ ගැටුම්වලට මැදි වූ ගම්මානවල වැසියන්, පොලිසියේ හා ආරක්ෂා හමුදා සාමාජිකයින්ගේ පවුල්ද ඇතුළුව, සියලු වාර්ගික හා ආගමික කණ්ඩායම්වලට අයත් ශ්‍රී ලාංකිකයින්ට හානි පූර්ණ වන්දි ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි 'හානි පූර්ණ වන්දි කාර්යාලයක්' නීතිය මඟින් ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහ‍ා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.