• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතනවල කසළ ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා කසළ ප්‍රවාහන (Compactors) රථ 100ක් මිල දී ගැනීම
- ශ්‍රී ලංකාවේ කසළ බැහැර කිරීම කාර්යක්ෂමව හා විධිමත්ව සිදු කිරීම සඳහා පළාත් පාලන ආයතන සතුව දැනට පවතින රථවලට අමතරව කසළ ප්‍රවාහන රථ 341ක් පමණ අවශ්‍ය වන බව හඳුනාගනු ලැබ තිබේ. ඉන් කසළ ප්‍රවාහන රථ 190ක් කොරියානු ණය ආධාර යටතේ ලබාගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි. තවත් කසළ ප්‍රවාහන රථ 100ක් දේශීය අරමුදල් මඟින් කඩිනමින් ලබාගැනීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා ලංසු කැඳවනු ලැබ තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, ඝනමීටර 6ක ධාරිතාවකින් යුත් කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ 100ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 622.13ක මුදලකට, චීනයේ ZXY Hong Kong Company Limited වෙත පිරිනැමීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.