• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වවුනතිව් සූර්ය බලාගාරය ඉදි කිරීම
- වාලච්චේන ප්‍රදේශයෙහි ඉදි කිරීමට යෝජිත මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සූර්ය බලාගාරය වවුනතිව් ග්‍රිඩ් උපපො‍ළට සම්බන්ධ කෙරෙන බැවින්, එය 'වවුනතිව් සූර්ය බලාගාරය' ලෙස නම් කරනු ලැබ තිබේ. එම සූර්ය බලාගාරය ඉදි කිරීම සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, ආයතන 17ක් විසින් ඒ සඳහා ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, වවුනතිව් සූර්ය බලාගාරය ඉදි කිරීම, අයිතිය හා පවත්වාගෙන යාම (Build, Own & Operate) සඳහා වන කොන්ත්‍රාත්තුව, කිලෝවොට් පැය 1කට රුපියල් 11.86ක අවම මිලක් ඉදිරිපත් කර ඇති M/s Ex-Pack Corrugated Cartons (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.