• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් ප්‍රසම්පාදනය කිරීම
- දැනට ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම නිසා ඉදිරි මාස 06 තුළ ජලාශවල ජල මට්ටම අඩුවීමක් අපේක්ෂා කළ හැකි අතර, එය අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට බාධාවක් විය හැකි බව හඳුනාගනු ලැබ තිබේ. එබැවින් මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් කෙටිකාලීන විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමක් හරහා ලබාගැනීම පිණිස ලංසු කැඳවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවනු ලැබ තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, කිලෝවොට් පැය 1ක් රුපියල් 28.063ක් බැගින් මෙගාවොට් 56ක විදුලිය ධාරිතාවක් M/s Aggreko International Projects Limited වෙතින්ද, කිලෝවොට් පැය 1ක් රුපියල් 28.367ක් බැගින් මෙගාවොට් 44ක විදුලිය ධාරිතාවක් M/s Heyleys Aventura (Pvt) Limited & SES Smart Energy Solutions Fzco වෙතින්ද මාස 06ක කාලසීමාවක් සඳහා මිල දී ගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.