• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉහළ ඇළහැර ඇළ ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ කළු ගඟ - මොරගහකන්ද හුවමාරු ඇළ ඉදි කිරීම
- කළු ගඟ ජලාශයේ සිට මොරගහකන්ද ජලාශය දක්වා වන කිලෝමීටර 8ක් දිගැති උමං මාර්ග දෙකකින් සමන්විත හුවමාරු ඇළ, විවෘත ඇළ මාර්ගය, දියමං පාලම් සහ ඒ ආශ්‍රිත නිර්මිත ඉදි කිරීම මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ඉහළ ඇළහැර ඇළ ඉදි කිරීමේ ව්‍යාපෘතියේ විෂය පථයට අයත් වේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, මෙම ඉදි කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 6,111.91ක මුදලකට චීනයේ Sinohydro Corporation Limited වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.