• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුතුරාජවෙල වැලි පිරවුම් ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටස් 2ක් සේවා ව්‍යාපෘති සඳහා බදු පදනම මත ලබා දීම
- වත්තල, මුතුරාජවෙල ප්‍රදේශය බස්නාහිර පළාත් මහානගර සැලැස්මට අනුව ඉදිකෙරෙන සේවා නගරයේ කොටසක් ලෙස හඳුන‍ාගෙන ඇත. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මුහුදු වැලි පිරවීම මඟින් එම ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද අක්කර 400ක් වූ ඉඩම විවිධ ව්‍යාපෘති සඳහා බැහැර කරනු ලැබ ඇත.

එහි ඉතිරිව ඇති ඉඩම් කොටස් 2ක් සේවා ව්‍යාපෘති සඳහා බදු පදනම මත ලබාදීමට පුවත්පත් වල දැන්වීම් පල කිරීම මඟින් අයදුම්පත් කැඳවනු ලැබ තිබේ. එහිදී ඉහළම මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති John Keells Logistics (Pvt) Ltd., ආයතනය වෙත වසර 30ක කාලසීමාවක් සඳහා එකී ඉඩම් කොටස් 2ක බදු පදනම මත ලබාදීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.