• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල්දූව අතුරු මාර්ගය 'සුහුරුපායේ' සිට 'කොස්වත්ත හන්දිය' දක්වා දීර්ඝ කිරීම
- බත්තරමුල්ල ප්‍රදේශයේ සිදුවන සීඝ්‍ර සංවර්ධනය හේතුවෙන් කඩුවෙල-කොළඹ මාර්ගයේ වාහන තදබදය උග්‍ර වී ඇති අතර, ඊට පිළියමක් වශයෙන් පොල්දූව මංසන්ධියේ සිට කොස්වත්ත මංසන්ධිය දක්වා බත්තරමුල්ල නගරය මඟහැර යා හැකි මාර්ගයක් ඉදි කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. පොල්දූව මංසන්දියේ සිට 'සුහුරුපාය' දක්වා ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණ කරනු ලැබ ඇති අතර, එම මාර්ගය උඩුමුල්ල මංසන්ධිය දක්වා මංතීරු දෙකක මාර්ගයක් වශයෙන් දීර්ඝ කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ වැඩිවන රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් මෙම මාර්ගය කොස්වත්ත හංදිය දක්වා දීර්ඝ කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පොල්දූව අතුරු මාර්ගය කොස්වත්ත මංසන්ධිය දක්වා දිගින් කිලෝ මීටර 4ක් පමණ වන මංතීරු හතරේ මාර්ගයක් වශයෙන් දීර්ඝ කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.