• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම
- කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ප්‍රාග්ධන මෙන්ම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අරමුදල් සැලසීම අරමුණු කරගනිමින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන මඟින්, රුපියල් මිලියන 50ක උපරිමයකට යටත්ව, වසර දහස (10)ක ආපසු ගෙවීමේ කාලයක් සහිතව අරමුදල් සලසා දෙනු ලැබේ. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ පවත්නා ව්‍යාපාරය පුළුල් කිරීමට අවශ්‍ය ණය පහසුකම් ලබා දෙනු ලැබේ. මෙම ණය ආධාර වැඩසටහන සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10ක් සහභාගි වන අතර, එම සහභාගිත්ව මූල්‍ය ආයතන සමඟ අදාළ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.