• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාකුඹුර බහුකාර්ය මධ්‍යස්ථානයේ ඉදි කිරීම් සඳහා අරමුදල් සම්පාදනය කිරීම
- මාකුඹුර බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතියි. දුම්රිය, දුර ගමන් සේවා සහ ප්‍රාදේශීය බස් සේවා යන ප්‍රවාහන මාධ්‍ය ඒකාබද්ධ කරමින් ඉදි කෙරෙන මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය මඟින් වඩාත් කාර්යක්ෂම, අඩු වියදම් සහිත පොදු ප්‍රවාහන පහසුකම් සැලසීම අරමුණු කෙරේ.

එම බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ ප්‍රවාහන කළමනාකරණය, මෙහයවීම හා නඩත්තුව සහ මගීන්ට අවශ්‍ය තොරතුරු සැපයීම පිණිස එහි මෙහෙයුම් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා රුපියල් මිලියන 306.79ක් පමණ වැය වන බව ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව, පිටත වටරවුම් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අදියර 2හි කාර්යයන් සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) වෙතින් ලබා ගන්නා ලද ණය මුදලේ ඉතිරි වී ඇති මුදල් යොදා ගනිමින් මාකුඹුර බහුකාර්ය මධ්‍යස්ථානයේ යෝජිත ඉදි කිරීම් සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.