• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 යල කන්නයේ වී වගාව සඳහා රසායනික පොහොර සැපයීම
- 2018 යල කන්නයේ වී වගා කිරීම සඳහා අපේක්ෂිත හෙක්ටයාර 500,000 ක පමණ කුඹුරු ප්‍රමාණයකට එළඹෙන අප්‍රේල් මස මුල් සතියේ සිට පොහොර සැපයීම සිදු කළ යුතු වේ. සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් පොහොර මිල දී ගැනීමේදී මෙම කාලසීමාවට ප්‍රථම පොහොර ආනයනය කර බෙදා හැරීම දුෂ්කර වන බැවින්, කඩිනම් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර තරගකාරි මිල ගණන් කැඳවීම මඟින්, සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගෙන පොහොර සපයා ගැනීමටත්, ඒ සඳහා රජයේ පොහොර සමාගම් දෙක වන සීමාසහිත ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා භාණ්ඩාගාර සුරැකුම් නිකුත් කිරීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.