• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
- මෙරට ජනතාව අතර හෘද රෝග, ආඝාතය වැනි බෝ නොවන රෝග ව්‍යාප්ත වීමේ ශීඝ්‍ර වර්ධනයක් පසුගිය කාලසීමාව තුළ පෙන්නුම් කරනු ලබයි. මෙරට සිදු වන මරණවලින් 75%ක්ම බෝ නොවන රෝග හේතුවෙන් ඇති වන අතර, ඉන් 40%කට පමණ ප්‍රධානතම හේතුව හෘද රෝග වේ. එබැවින් බෝ නොවන රෝග, විශේෂයෙන්ම හෘද රෝග නිවාරණය කිරීමට සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන සෞඛ්‍ය හා වෛද්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

මේ යටතේ අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන මහ රෝහල්වල එම ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිත වී ඇති අතර, ඒ සඳහා අරමුදල් සැපයීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය එකඟ වී තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන යෙන් මිලියන 10,639ක ණය මුදලක් ලබාගැනීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමටත්, අදාළ ණය ගිවිසුම්වලට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.