• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික විගණන පනත
- ජාතික විගණන පනත් කෙටුම්පත 2018-02-20 දින අමාත්‍ය මණ්ඩල ‍රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලද අවස්ථාවේදී, ඒ සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය ඇමතිතුමා; සහ පළාත් සභා හා පළාත් පාලන ඇමතිතුමා විසින් ඉදිරිපත් කර තිබූ නිරීක්ෂණ පරීක්ෂා කර බලා යෝජිත පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කළ යුතු වන්නේ නම් ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමු කරන ලදී.

ඒ අනුව, එම අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලද අතර, එම නිර්දේශයන්හි යෝජනා කර ඇති සංශෝධන ඇතුළත් කිරීමට යටත්ව, ජාතික විගණන පනත් කෙටුම්පත සඳහා අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.