• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදා හැරීම් කලාප අංක 2 සඳහා අවශ්‍ය ඒරියල් බණ්ඩල් සන්නායක මිල දී ගැනීම
- ලංකා විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුතු සහ අලුතින් විදුලිය සැපයීමේ කාර්යයන් සඳහා අවශ්‍ය වන භාණ්ඩ මිල දී ගැනීමේ කටයුතු ඒ ඒ බෙදා හැරීම් කලාප අනුව වෙන් වෙන්ව සිදු කරනු ලැබේ. ඒ අනුව, බෙදා හැරීම් කලාප අංක 2 සඳහා අවශ්‍ය ඒරියල් බණ්ඩල් සන්නායක (ABC) 3x70+54.6+16sqmm - 1500km සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 872.96ක මුදලකට M/s Sierra Cables PLC ආයතනය වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.