• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල්පිටිය - හම්බන්තොට 220kV සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම
- හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන, පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර 150ක් දිගැති 220kV සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම සදහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 5,794.32ක මුදලකට M/s China National Cable Engineering Corporation ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.