• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල්වල භාවිතය සඳහා ගිලන් රථ 250ක් මිල දී ගැනීම
- රජයේ රෝහල් සඳහා ප්‍රමාණවත් පරිදි ගිලන් රථ සපයා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව පරිදි ගිලන් රථ 250ක් අදියර කිහිපයක් යටතේ මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.