• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහා කාර්යාලයීය ඉඩපහසුකම් ලබාගැනීම
- සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ස්ථාපනය කර ඇති ගොඩනැගිල්ලේ ඉඩකඩ සීමිත වීම හේතුවෙන්, එම අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කොටසක්, නිදන්ගත වකුගඩු රෝග නිවාරණ වැඩසටහන සහ අමාත්‍යාංශයේ විමර්ශන, ප්‍රසම්පාදන, අභ්‍යන්තර විගණන සහ දේශීය වෛද්‍ය යන අංශ කුලී පදනම මත ලබාගත් ගොඩනැඟිල්ලක ස්ථාපනය කරනු ලැබ තිබේ. අදාළ කුලී ගිවිසුමේ කාලසීමාව අවසන් වීමට ආසන්නව ඇති අතර, දැනට ආරම්භ කරනු ලැබ ඇති, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහා නව කාර්යාලයීය ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුතු අවසන් කෙරෙන තෙක් තවදුරටත් කුලී පදනම මත කාර්යලයීය ඉඩ පහසුකම් ලබාගැනීම අවශ්‍ය වේ.

ඒ අනුව, අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි, මාසික කුලිය රුපියල් මිලියන 9.07ක් බැගින්, අවුරුදු 2ක කාලසීමාවක් සඳහා කොළඹ 10, ශ්‍රී සංඝරාජ මාවතේ අංක 26 දරන ස්ථානයේ පිහිටි වර්ගඅඩි 55,000ක ඉඩකඩ සහිත Medi House (Pvt.) Ltd. ආයතනයට අයත් ගොඩනැඟිල්ල කුලී පදනම මත ලබා ගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.