• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රතිශක්තීකරණ ඌනතා සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය එන්නත් මිල දී ගැනීම
- ප්‍රතිශක්තීකරණ ඌනතා සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වන අන්ත:ශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනෝගොබියුලින් ග්රෑම් 5-6 ප්‍රමාණයේ එන්නත් 33,000ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 3.06ක මුදලකට ඉන්දියාවේ M/s Reliance Life Science (Pvt.) Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.