• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වන ප්‍රතිජීවක ඖෂධ මිල දී ගැනීම
- උග්‍ර ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමේ දී භාවිත කරනු ලබන ප්‍රතිජීවක ඖෂධයක් වන මෙරපෙනම් ග්රෑම් 1 ප්‍රමාණයේ (1g) එන්නත් 750,000ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඇමරිකානු ඩොලර් මිලියන 1.08ක මුදලකට ඉන්දියාවේ M/s Scott Edil-Advance Research Laboratories & Education Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.