• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය ශික්ෂණ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම
- මෙරට රෝහල්වල සිදුවන මරණ සඳහා බලපාන හතරවන ප්‍රධානතම හේතුව ආඝාතය වේ. එබැවින්, ආඝාතය රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ පහසුකම් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ඇති කිරීමට රජය කටයුතු කරමින් සිටියි. ඒ යටතේ, යාපනය ශික්ෂණ රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 633.97ක මුදලකට M/s Link Engineering (Pvt.) Ltd. වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.