• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෞතුකාගාර‍යේ පර්යේෂණ කාර්යයන් සඳහා අනුග්‍රහය ලබා දීම
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වසර 75ක් සම්පූර්ණ වීමට සමගාමීව එම විශ්වවිද්‍යාලයේ ඉතිහාසයට අයත් කලා නිර්මාණ එකතු කර අනාගත පරපුර සඳහා ප්‍රයෝජනයට ගැනීමට හැකිවන පරිදි සංරක්ෂණය කිරීමේ අරමුණින් ආරම්භ කරනු ලැබ ඇති කෞතුකාගාර ව්‍යාපෘතියේ පර්යේෂණ හා ගවේෂණ කටයුතු සඳහා විශේෂ කාර්යභාර අමාත්‍යාංශය වෙත 2018 වර්ෂය සඳහා වෙන් කරනු ලැබ ඇති අරමුදල්වලින් රුපියල් මිලියන 10ක් ලබා දීම පිණිස විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.