• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරින්ගේ නවාතැන් පහසුකම්, භෝජනාගාරය හා රථගාල කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ ඉදි කිරීම
- විශේෂ රජකාරි කටයුතු සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙන සහ කැඳවනු ලබන පරීක්ෂක ශ්‍රේණියේ පොලිස් නිලධාරින් හට අවශ්‍ය නවාතැන්, භෝජනාගාර හා රථ වාහන ගාල් කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවීම ගැටලුවක්ව තිබේ. එබැවින්, මෙයට පිළියමක් වශයෙන් කොළඹ, කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ මහල් 6කින් යුත් නව ගොඩනැගිල්ලක් එකී පහසුකම් සහිතව ඉදි කිරීමට යෝජනා වී ති‍ෙබ්.

ඒ අනුව, රුපියල් මිලියන 468.27ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ, එම ගොඩනැඟිල්ල ඉදි කිරීමේ ව්‍යාපෘතිය 2018 - 2020 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස හිටපු නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.