• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටාන, ජාතික පොලිස් විද්‍යාපීඨයේ නේවාසික ගොඩනැඟිල්ල සහ පරිපාලන ගොඩනැඟිල්ල ඉදි කිරීම
- ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කිරීමේ අරමුණින් ස්ථාපිත කරනු ලැබ ඇති, කටාන ප්‍රදේශයේ පිහිටි ජාතික පොලිස් විද්‍යාපීඨ‍යේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ එහි නේවාසික ගොඩනැඟිල්ල හා පරිපාලන‍ ගොඩනැඟිල්ල ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 836.28ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ, එම ගොඩනැඟිලි ඉදි කිරීමේ ව්‍යාපෘතිය 2018 - 2020 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස හිටපු නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.