• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු රජයේ ප්‍රදාන වැඩසටහන යටතේ වැවිලි ප්‍රජාවට නිවාස 10,000ක් ඉදි කර දීම
- නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල වාසය කරන වතුකර ප්‍රජාවට නිවාස 4,000ක් ඉදි කර දීම සඳහා ඉන්දියානු රජය විසින් දැනටමත් අරමුදල් ප්‍රදානය කරනු ලැබ ඇති අතර, ඉන් නිවාස 1,136ක ඉදි කිරීම් කටයුතු අවසන් වීමට ආසන්නව පවතී. ඉතිරි නිවාස 2,836හි ඉදි කිරීම් කටයුතු 2018 ජනවාරි මාසයේදී ආරම්භ කරනු ලැබ තිබේ. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා විසින් 2017 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද සංචාරයේදී වතු ප්‍රජාව සඳහා තවත් නිවාස 10,000ක් ඉදි කිරීමට අරමුදල් සැපයීමට එකඟ වී තිබේ.

නායයෑම් ආපදාවලින් බලපෑමට ලක්වූ පවුල් වෙත ප්‍රමුඛතාව ලබා දෙමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගැනීමේ කටයුතු 2018 මාර්තු මාසයේ සිට සිදු කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක පිරිවැයක් යටතේ, වැවිලි ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදි කිරීමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ. පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.