• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ ඉදි කිරීම හා කළමනාකරණය කිරීම
- වියළි කලාපයේ ගොවීන්ගේ අස්වනු ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් සැලසීමේ අරමුණින්, අනුරාධපුර, මොනරාගල හා මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි ඉදි කරනු ලැබ ඇති ගබඩා සංකීර්ණ, එම දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විට ක්‍රියාත්මක වේ. දැනට වැඩ නිම කෙරෙමින් පවතින පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ 2018 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර, එම ගබඩා සංකීර්ණයන්හි මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ කළමනාකරණ කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීමේ බලය අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමටත්, එම කටයුතු නියාමනය හා අධීක්ෂණය කිරීම එකී දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.