• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017/18 මහ කන්නය සඳහා රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- රජය විසින් පසුගිය කාලයේදී ක්‍රියාත්මක කරන ලද වී මිල දී ගැනීමේ වැඩසටහන් සමාලෝචනය කිරීමෙන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු අදාළ අනෙකුත් නිලධාරින් සමඟ මේ පිළිබඳව මෑතකදී පවත්වන ලද රැස්වීමේදී ඉදිරිපත් වී ඇති කරුණු සැලකිල්ලට ගනිමින්, රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන මෙම මහ කන්නයේදී වඩාත් ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී ඇත.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගනිමින්, වී මිල දී ගැනීමේ සහතික මිල තහවුරු කිරීම සඳහා රජයේ මැදිහත්වීමක් අවශ්‍ය වන දිස්ත්‍රික්කවල, නාඩු වී කිලෝ එකක් රුපියල් 38/- බැගින්ද, සම්බා/කීරි සම්බා වී කිලෝ එකක් රුපියල් 41/- බැගින්ද, වී අලෙවි මණ්ඩලය හා අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මැදිහත්වීම මත රජය විසින් මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.