• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු ආසියාතික කලාපයේ ප්‍රාදේශීය ඒකාබද්ධිත බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ (RIMES) උප කලාපීය කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිහිටුවීම
- ස්වාභාවික උපද්‍රවවලින් ඇතිවන අවදානම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමට අදාළ විද්‍යාත්මක තොරතුරු උත්පාදනය හා ප්‍රයෝජනයට ගැනීම සඳහා සාමාජික රටවල්වල ධාරිතාව ගොඩනැංවීම සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ජාත්‍යන්තර ආයතනයක් වන 'දකුණු ආසියාතික කලාපයේ ප්‍රාදේශීය ඒකාබද්ධිත බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ' (RIMES) උප කලාපීය කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හැකියාව සහ ධාරිතාව ශක්තිමත් කිරීමෙහි ලා මෙමඟින් ලැබෙන දායකත්වය සැලකිල්ලට ගෙන, එම උප කලාපීය කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.