• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් හා පාරිසරික බලපෑම් තත්ත්වයන් සිදු කිරීම
- කුරුණෑගල නගරය හා ඒ අවට ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේදී, ප්‍රධාන ජල මූලාශ්‍රය වන දැදුරු ඔයෙහි ජල ප්‍රවාහය වියළි කාලවලදී සැලකිය යුතු ලෙස පහළ යාම අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීමේදී ප්‍රධාන බාධාවක්ව පවතියි. මෙයට පිළියමක් ලෙස දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශයේ ජලාශයක් ඉදි කිරීම සිදු කළ යුතු බව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ජලය ඝන මීටර මිලියන 3.6ක ධාරිතාවක් සහිතව වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් හා පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.