• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා විදේශීය සතුන් ලබාගැනීම
- දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය නිසි සත්ත්ව සුබසාධන විධිවිධාන අනුගමනය කරමින් නවීකරණය කෙරෙමින් පවතින අතර, එහි ප්‍රදර්ශනය සඳහා සතුන් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. ලොව පුරා ඇති අනෙකුත් සත්ත්වෝද්‍යාන සමඟ වන සත්ත්ව හුවමාරු වැඩසටහන් හරහා සහ විදේශ රටවල සත්ත්වෝද්‍යාන විසින් නොමිලේ ලබා දෙනු ලබන අතිරික්ත සතුන් ලබාගැනීම මේ සඳහා අනුගමනය කරන ප්‍රධාන ක්‍රියාමාර්ග වේ. එමෙන්ම ශ්‍රී ලංකාවට සතුන් ගෙන්වා ඇති කරනු ලබන පුද්ගලයින් සහ ආයතන වෙතින් සතුන් මිල දී ගැනීමට ඇති හැකියාවද අවධානය ලක් වී තිබේ.

ඒ අනුව, සත්ත්ව හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 1982 අංක 41 දරන ජාතික සත්ත්වෝද්‍යාන පනතේ විධිවිධාන සංශෝධනය කරනු ලබන තෙක්, සත්ත්ව හුවමාරු වැඩසටහන් හා සත්ත්ව ප්‍රදානයන් මඟින් අවශ්‍ය සතුන් ලබාගැනීමට සහ ශ්‍රී ලංකාවට විදේශීය පක්ෂීන් හා ගෘහස්ථ සතුන් ගෙන්වා ඇති කරනු ලබන පුද්ගලයින් හා ආයතන වෙතින් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයන් යටතේ සතුන් මිල දී ගැනීමට ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත බලය පැවරීම පිණිස හිටපු තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනා, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මැතිතුමාගේද එකඟතාවද සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.