• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1956 අංක 21 දරන පුපුරන ද්‍රව්‍ය ආඥාපනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවට පුපුරන ද්‍රව්‍ය ආනයනය සහ ඒ හා සම්බන්ධ නියාමන කටයුතු පුපුරන ද්‍රව්‍ය ආඥාපනත මඟින් සිදු කෙරේ. කාලානුරූපී අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම ආඥාපනත සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, පුපුරන ද්‍රව්‍ය හෝ ඒ ආශ්‍රිත භාණ්ඩ රැගත් විදේශීය නෞකා හෝ ගුවන්යානා ශ්‍රී ලංකාවේ සාගර කලාපය හෝ ගුවන් කලාපය හරහා ගමන් කිරීමේදී ඒ සඳහා අවසර ප්‍රදානය කිරීම, 'පුපුරන ද්‍රව්‍ය පාලක' යන තනතුර, 'පුපුරන ද්‍රව්‍ය පාලක ජනරාල්' වශයෙන් පනතෙහි දැක්වීම, වර්තමානයට ගැළපෙන අයුරින් වඩා යහපත් ක්‍රමවේද අනුගමනය කරමින් එම ආඥාපනත ක්‍රියාත්මක කිරීම ඇතුළු සංශෝධන ඇතුළත් කරමින් 1956 අංක 21 දරන පුපුරන ද්‍රව්‍ය ආඥාපනත සංශෝධනය කිරීමට අවධානය යොමු වී තිබේ. ඒ සම්බන්ධයෙන් යෝජනා ලබාගැනීම සඳහා අදාළ ආයතන නියෝජනය වන පරිදි නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.