• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොකුරු බෝම්බ සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියට (ඔස්ලෝ සම්මුතියට) ශ්‍රී ලංකාව ප්‍රවේශ වීම
- සන්නද්ධ ගැටුම් පැවති අවධියේදී ශ්‍රී ලංකාව විසින් පොකුරු බෝම්බ භාවිත කළ බවට ඇතැම් පාර්ශ්ව විසින් විවිධ චෝදනා එල්ල කළද, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් පොකුරු බෝම්බ භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, 'ශ්‍රී ලංකාව කිසි දිනෙක පොකුරු බෝම්බ භාවිත කර නොමැති බව සහ ඉදිරියේදීද භාවිත නොකරන බව' ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය වේ.

පොකුරු බෝම්බ භාවිත නොකිරීම සඳහා වන ශ්‍රී ලංකා රජයේ කැපවීම සහ මානුෂවාදී නිරායුධකරණය මඟින් තිරසර සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති කැපවීම විදහා දක්වමින්, මේ වන විට රටවල් 102ක් විසින් අපරානුමත කරනු ලැබ ඇති 'පොකුරු බෝම්බ පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට' (ඔස්ලෝ සම්මුතියට) ශ්‍රී ලංකාවේ එකඟත්වය පළ කිරීම (to accede) පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.